
Sinhala: The Uluru Statement from the Heart - ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ "උලුරූ" ප්‍රකාශය
2017 වසරේ මැයි මසදී "උලුරු" අසල පැවති මුල් ජාතීන්ගේ ජාතික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයේදී ඕස්ට්‍රේලියානු ආදිවාසීන් වන ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් විසින් Uluru Statement from the Heart ප්‍රකාශය සම්මත කරගනනු ලැබීය. ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් වැසියන් පිළිගැනීම සඳහා හඬ, ගිවිසුම සහ සත්‍යය ලෙස නිර්ණායක ත්‍රිත්වයකින් යුත් ව්‍යුහාත්මක ප්‍රතිසංශෝධනයක් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන සැලැස්මක් මෙමගින් සපයනු ලැබේ. වසර දෙකක කාලයක් පුරා සිදුකෙරුණු මුල් වැසියන්ගේ ප්‍රාදේශීය සංවාද 13ක කරුණු ඇතුලත්ව සහ ඇබෝරිජිනල් සහ ටොරස් දූපත් නියෝජිතයින් 250 දෙනෙකු විසින් සම්මත කරන ලද සැලසුම් මෙම ප්‍රකාශය සඳහා අනුගමන කරන ලදී. පරමාධිපත්‍ය අත්නොහැර ඕස්ට්‍රේලියානු මුල් වැසියන් සහ ඕස්ට්‍රේලියානු ජාතීන් අතර සත්‍යය, යුක්තිසහගත බව සහ ස්වයං නිර්ණය මත පදනම් වූ සම්බන්ධතාවයක් ගොඩනැගීම මගින් සංහිදියාව ඇති කිරීම මෙම ප්‍රකාශයේ අරමුණ වේ. සංගීතය - Frank Yamma
The Uluru Statement from the Heart in Your Language · SBS Audio
Audio is streamed directly from the publisher (sbs-podcast.streamguys1.com) as published in their RSS feed. Play Podcasts does not host this file. Rights-holders can request removal through the copyright & takedown page.